රාමාගේ සිත් ගත්ත – සීතාට පෙම් බැන්ද,
ඒ වතට මන බැන්ද – ගොඩනැගුව බැමි බින්ද
“එපා හිමියනි දිනක වේ දුක්, ”
කියන්නට සිතුනද විටෙක- සිත රිදේයැයි නොකීයෙම් මම;
නොපැතුවෙම් කිසිදිනෙක නොලැබෙන්න සීතාග පෙම;
නොසිතුවෙම් කිසිදිනෙක මේ සෙනේ මද වන බවට
රාමාට කෙසේ වුවද – මසිත නම් රිදුනු බව
නොහැගුවෙම් කිසිදිනෙක මට ඔබව අවැසි බව,
සැනසුනෙමි සැම කල නුඹ සතුටු බව දැක
සීතාගෙ උරුමය යලිත් රාමාට හිමිවතුරුම
ඉතින් නාඩා ඉන්න හිමියනි
කදුලු පිස නුඹ හොවාගෙන ලය
තවත් නුඹ ලග හිදිමි හිමියනි,
නුඹට මගහැරි මන්දෝදරී මම…
Ru dissanayake