අඹ ගහ යටින් විදුබිමට පියමැන්න සමනල් වයස,මිතුර මිතුරියන් අතරේ අත්වැල් බැදි සුන්දර සමයක නෙතු අතර අතර රැදුණු මහා යුග පුරුෂයෙකි නුඹ….
වේවැල් කසායට නිරුත්තර වුනු අපේ වාග්මාලාව තුල,නුඹට ඇති භක්තිය මෙයයි කීමට තවත් අපි අපොහොසත් වෙමු.නමුත් දනිමු එක් දෙයක් ගුරු දේවයනි,
නුඹ වෙනුවෙන් පිපුණු සෙනෙහසේ පියුම් පොකුරු අප සිත් තුල කිසිදා පර නොවනු ඇත.
සුළග හා හාද වී,කුරුල්ලනි නුඹ යන්න හිස් අහස් කුස ඉමට.
මට නොහැක එහි එන්න සිදුනු අත්තටු රැගෙන…..
වැහිකෝඩ එමටයි – සීරුවට පියනගන්න.
පවසමින් නිරතුරු -අප දෙසම නෙත් අයාගෙන…
දෙරණ මට හිද ආඩම්බර හීන පුරවාගත් අපේ ගුරුතුමා ..
නුඹතලය අනන්තදා, සදා දෙරණට ණයගැතියි අප සැම….
Ru dissanayake